Friday 31 December 2010

බාහිර උපාධි පාඨමාල සීමා කරයි!

ප්‍ර‍මිතියෙන් තොර බාහිර උපාධි පාඨමාලා පැවැත්වීම නිසා බාහිර උපාධි පාඨමාලා සීමා කිරීමට කටයුතු කරගෙන යන බව වාර්ථා වේ. සිදු කළ යුත්තේ ප්‍ර‍මිතියෙන් තොර පාඨමාලාවල ප්‍ර‍මිතිය වැඩිදියුණු කිරීමයි.

Tuesday 28 December 2010

මාතරට ට්‍රාන්සර්

කරාපිටියේ කාර්යාලයක වැඩ කරන නෝන කෙනෙක් අද මාතරට ට්‍රාන්සර් එකක් ඉල්ල. ඇයි මේ ගාල්ලෙ ඉන්න කෙනා මාතරට ට්‍රාන්සර් ඉල්ලන්නේ කියල ලොක්ක අහල. කරාපිටියට එන්න මට විනාඩි 45ක් 50ක් යනවා, ඒත් දැන් අළුත් ට්‍රේන් එකෙන් මාතරට යන්න විනාඩි 15 නේ, ඒකයි කිව්වළු

අයවැය පරාදයි!

අලුතින්ම අනුරාධපුරෙයි මහරගමයි අයවැය පැරදිලා! ඒත් ගානක් නෑ තුන්පාරක් ට්‍ර‍යි කරල බලනවා; ඒත් පැරදුනත් දිනුව වගේ ඒ ඇස්තමේන්තු වලටම වැඩේ කරගෙන යනවා. මේ අවස්ථාව දීල තියෙන්නේ මහජන උපයෝගීතා සේවාවන් ඇනහිටින්නේ නැතුව පවත්වාගෙන යන්නලු.
අලුතින් ගේන්න යන සංශෝධන වලට සභාපතිල බහුතරයක් තැමති නැතිලු. මොකද ඒ ගොල්ල තනියම බල ප්‍රදේශයටම වැඩ කරල උපරිම මනාප හදාගෙන ඉන්නැද්දි එක කොට්ඨාශයක ඡන්ද කරන්න ගිහින් පැරදුනොත් කියල බයට. අලුත් සංශෝධනවල තියෙන තව දෙයක් තමා අයවැය පැරදුනොත් සභාව විසුරවනවලු. ඉතින් ඒ වැඩේ උනොත් පක්ෂෙට පාඩුනෙ; මහලොකුවට සංශෝධන දැම්මට. මේ දිගට හරහට අයවැය පැරදිල්ලෙයි අළුත් සංශෝධනවලට සභාපතිලගෙ අකමැත්තෙය් සම්බන්ධයක් තියෙනවා කියලයි අලුත්ම අරංචිය

රාජිතගේ ගානට මාළු

පසුගිය දෙසැම්බර්වලට වඩා මේ දෙසැම්බර්වල මාළු මිල අඩුලු! ලංකාවේ වැඩියම මාළු අල්ලන කිතුනුවෝ නත්තල් කාලෙ මාළු අල්ලන්නෙ නැති නිසා මාළු ගනන් යන දෙසැම්බර්වල මාළු මිල ගිය වසරට සාපේක්‍ෂව අඩු වීම ඇමතිතුමා ලැබූ ජයග්‍ර‍හනයක්ලු.
ඒත් රාජිතගේ මාළු වල ගාන ඕක නෙමේලු. ලබන දෙසැම්බර් වෙන කොට මාළු මිල දෙකෙන් එකට බස්සනවලු. ඒ සදහා පිටරටින් බෝට්ටු ගේනවාලු. ඒ කියන්නෙ බෝට්ටු වලින් මාළු අල්ල තමා මේ දෙකෙන් එකට මාළු මිල බස්සන්න හදන්නෙ. අපේ ඇමතිතුමා අහල නැද්ද දන්නෙ නෑ මූදෙ අස්වැන්න නෙලන ක්‍ර‍ම ගැන.

ඊමෙල් & එස් එම් එස් පැමිණිලි

පොලීසිය ඊමේල් වලින් හා එස්එම්එස් මගින් කරන පැමිණිලි භාර ගන්නවාලු. අප්පා කොච්චර එකක්ද? දැන් පැමිණිල්ලක් දාන්න ගියොත් පොලීසියට දවසම ඉවරනෙ. ඕක මෙල් කරන්න තියෙනවානම් හරි එස් එම් එස් කරන්න තියෙනවානම් අපේ කාලෙ ඉතුරුනේ අඩුම ගානෙ.
හැබෑ මේල් එක එවපු කොම්පීටරෙත් අරගෙන පොලිසියට එන්න නොකිව්වොත් තමා පුදුමෙ.

පෞද්ගලික විශ්ව විද්‍යාල

ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවාට විරුද්ධව අප්‍රිකාවේදී රටවල් 25ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් දක්වා තිබේ. උදුල් කියන විදිහට අප්‍රිකාවට ගිය ආණ්ඩුවේ 180 දෙනාගෙන් බහුතරයක් විශ්ව විද්‍යාල දැක්කෙවත් නැති අය. ප්‍රාදේශීය සභා නගර සභා පළාත් සභා මන්ත්‍රීවරු විතරක් නෙමේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලත් කණ්ඩායමට ඇතුළත්. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාටත් යන්න ලැබිල. හේතුව දුමින්ද සිල්වාගේ අකටයුතුකම් ඉවසන්න බැරිව ජනාධිපතිතුමාට දුක කීමේ ප්‍ර‍තිපලයක්. මේ විදිහට නොයෙක් හේතු නිසා එකතුවුනු කට්ටියක් ගිහින් උදුල්ලගෙ වැඩ පිළිවෙලට කොක්ක දාල. ඇස්.බී. ඇමතිතුමත් ඉන්විෂිබල් වෙලා.

ආණ්ඩුව තියෙන විශ්ව විද්‍යාල වලට අමතරව තවත් විශ්ව විද්‍යාල අරඹන්න හදන්නෙ සැමට උපාධියක් දෙන්න නෙමේ. ඒ වගේම උදුල්ල මේවට විරුද්ධ වෙන්නේ සැමෝම උපාධිධාරීන් වීම දරා ගන්න බැරුවත් නෙමේ.මේ දෙගොල්ලම වලිග පාගගෙන.

විය යුත්තෙත් සැමට උපාධියක් ලැබීමයි.